Monday, May 13, 2013

රාමු කරපු 1ක් දැක්කමයි කිව්වලු..

ඉස්සර පොඩි කාලේ පොඩි උන් නාන්නේ උපන් ඇදුම පිටින්ලුනෙ,,මොකා හිටියත් සරම ගලවල තමයි ගගෙ පනින්නෙ, මාර්ටින් වික්‍රමසින්හ මහත්මයගේ උපන් දා සිට පොතෙත් තියෙන්නෙ, මේක මට උන සීන් 1ක් නෙවේයි. මම පොඩි එකා දැන්නෙ, ඉස්සර හිටියෙ නෑනේ. ඔන්න ඉතින් ඔහොම දවසක් පොඩි උන් සෙට් 1ක් නාන්න ගිහින් එ යනකොට බල්ලත් අරන් ගියාලු නාවන්න, දැන් ඉතින් බල්ල අයිති කොල්ල බල්ලව නාවල බොවිටිය පදුරක ගට ගහල පුරුදු විදිහට පන්නලු ගගේ, ඔහොම ඉතින් නානකොට කුලප්පු වෙච්ච හරකෙක් බොවිටිය පඩුර ලගින් කඩාගෙන දුවනවලු, බල්ලොන්ගෙ හැටි ද​න්නවනෙ, පදුරෙ ගැට ගහල හිටිය බල්ල මේක​ දැකල ලනුව කඩන් හරක පස්සෙ පන්නවලු, මෙක දැකපු කොල්ලට මොකුත් මතක නැල්ලු, මිනිහ දැන් ආකිමිඩිස් වගෙ බල්ල පස්සෙ එලවනවලු, යුරේකා යුරේකා කියල නම් නැ, නැති උන බල්ලවනෙ හොයන්නෙ,, කොල්ල දැන් මේක ඉජූ මේක ඉජූ කිය කිය බල්ල පස්සෙ යනවලු, ඔහොම දුවගෙන දුවගෙ යනකොට මිනිහගෙ යාලුවෙක් පාරෙ හම්බ වෙලා ඉස්කොලෙ ගිහින් එන, පොර එතන නැවතිල යාලුවගෙන් අහනවලු මතන් මේක දැක්කද කියල, යාලුව කියනවලු උබෙ මෙක බලන්න ඔන නෙ, ලැජ්ජ නැද්ද​ යකො මෙන්න මේකෙන් උබෙ ඕක වහගෙන දුවපන් කියල ගල් ලෑල්ල දුන්නලු,දැන් පොර ගල් ලෑල්ලෙන් වහගෙන බල්ල හොයාගෙන දුවනවලු, එ යද්දි ආච්චි කෙනෙක් සීයට තේ අරන් යනවලු නියර දිගෙ,, පොඩි කොල්ල ඔතන නැවතිල අහනවලු අච්චියෙ අච්චියෙ මේක දැක්කද කියල, එතකොට ආච්චි කිව්වලු ඕවනම් පුතේ ඕන තරම් දැකල තියෙනව, එත් රාමු කරපු 1ක් දැක්කමයි කිව්වලු,, (කොල්ල කලබලෙන් දුවද්දි ගල් ලෑල්ලෙ මැද​ ටික වැටිල වටේ ෆframe 1 විතරයි තිබිල තියෙන්නේ)

No comments:

Post a Comment